පරිසරය විඳින්න අලුත් තෝතැන්නක්

ජූලි 25, 2023

    "‍‍පොපම් ආබරේට්" සංචාරක වන උද්‍යානය ජනතාව සදහා පසුගියදා විවෘත කෙරුණා. සංචාරකයන් සදහා මෙන්ම පරිසර විද්‍යාර්ථින් සඳහා ද මෙය විශේෂ ස්ථානයක් වනවා.

    ‍මෙරට එකම වියළි කලාපීය ශාකාගාරය වන මෙය, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සිට කණ්ඩලම මාර්ගයේ කිලෝ මීටර දෙක හමාරක් පමණ දුරින් පිහිටා තිබෙනවා‍.

    මේ උද්‍යානයේ වළිකුකුළා, අළු කෑදැත්තා, අළු දෙමලිච්චා ඇතුළු විශේෂ සත්වයින්ගෙන් යුක්තයි.

    ක්ෂීකරපායි විශේෂ 25 ක්, සංක්‍රමණික පක්ෂීන් 83 දෙනෙකු, සමනළයින් විශේෂ 75 ක් සහ බත්කූරු වර්ග 12 ක් පමණ මෙම වන උද්‍යානයේ දක්නට ලැබෙනවා.

    සංචාරක ‍මාර්ගෝපදේශකයෙකු සමග වන උද්‍යානයේ රාත්‍රී 7.00 සිට 10.00 දක්වා වීවෘතව පවතිනවා.

    දිවා කාලයේ ඇවිදීමට ස්වභාවික මංපෙත් 4 ක් ද සකස් කර තිබෙනවා.

    Latest News