14 වැනි කවුන්සිල රැස්වීම කොළඹ දී

සැප් 19, 2023

    ‍අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමේ 14 වැනි කවුන්සිල රැස්වීම, ඊයේ කොළඹ දී පැවැත්වුණා.

    වෙළෙඳාම, ආයෝජන, රේගු, කම්කරු සබඳතා, බුද්ධිමය දේපළ, කෘෂිකර්මය සහ අනෙකුත් අදාළ නියෝජිත ආයතනවලට අයත් නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියා. ආයෝජන පරිසරය කෙරෙහි බලපාන ප්‍රතිපත්ති, මෑතකාලින කම්කරු නීති ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපළ ආරක්‍ෂණය සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළෙඳ පහසුකම් සැපයීම ආදි ක්‍ෂේත්‍රවලට සම්බන්ධ ගැටලු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. යහපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකාව තුළ වගවීම සහතික කිරීමටත්, විනිවිද භාවය ප්‍රවර්ධනය කිරීමටත්, ශක්තිමත් දූෂණ විරෝධි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කමත්, අමෙරිකා එක්සත් ජනපදය මෙහිදී අවධාරණය කරනු ලැබුවා. අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින්, රජයේ නිලධාරින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News