උමං මාර්ගවලටත් ඇමතිගෙන් අලුත් වැඩක්

සැප් 19, 2023
    ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල කළ යුතු අලුත් වැඩියාවන් පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි, සාගල රත්නායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

     

    ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවක දී.
    දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවලට අදාළ රේඛිය ආයතනවල නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් එම උමං මාර්ගවල වත්මන් තත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
    ඒවා අවහිර වීමෙන් මතුව ඇති ගැටලු මෙන්ම, එම උමං මාර්ගවල වැලි හා මඩ ඉවත් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා.

    Latest News