පලාත් සභ ඡන්දය ගැන විසඳුමකට ආ යුතුයි..... ආර්. සම්බන්ධන්

මාර් 28, 2019

    හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසයි.

    මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් "මෙය වැදගත් අමාත්‍යාංශයක්. රාජ්‍යයේ වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා. දිස්ත්‍රික් පරිපාලනය සිදු වෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු එම කොට්ඨාශ භාරව කටයුතු කරනවා. මේ අමාත්‍යාංශය වැදගත් මාතෘකාවක්. පලාත් සභා ක්‍රමය යටතේ තමයි, පලමු වරට බලය බෙදීම 13 වැනි සංශෝධනය යටතේ සිදු වුණේ. ඒකීය නොබෙදුණු රටක් ලෙස ස්වෛරීත්වය අරක්ෂා කර ගනිමි, තමන්ට රට ගැන අයිතියක් හැගීම දැනවෙන පියවරක් ලෙස පළාත් සභා හැදින්විය හැකියි. අපට යම් යම් බාධක තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම තුළ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ආදී අරමුණු කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කළේ. හැකිතාක් ඉක්මනින් පළාත් සභා ඡන්දය පැවැත්වීමයි අපේ ස්ථාවරයි. එවිටයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන්නේ. හැකිතාක් ඉක්මනින් පළත් සභා මැතිවරණය පවැත්වීම අවශ්‍යයි කියල අප කියන්නේ. මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතුයි. අපි සියලු දේනගේම යහපත වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. යුක්තිය සාමය හා සමානාත්මතාවය පදනම් කරගෙන වැඩකරනවා නම් සුළු ප්‍රශ්න අපට විසඳාගත හැකි යැයි" ඔහු කියා සිටියේය..

    Latest News