අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සමග ඊයේ(27) ඩුබායි සිට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණ. පැය 07කට ආසන්න කාලයක් මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසු නදීමාල් පමණක් මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.
2014 වසරේ පෙබරවාරි 27 වෙනිදා කළුතර දී කඩුවෙල සමයන් ඇතුළු පතාළ සාමාජිකයින් 7 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට තොරතුරු සැපයූ බවට ලලිත් කුමාරට චෝදන එල්ල වී තිබේ. මේ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇති අතර එම තොරතුරු ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇත.