මත්පැන් නිෂ්පාදන ආයතන 05ක බලපත් අහෝසියි

නොවැ 02, 2023

    බදු ගෙවීම් පැහැර හරිමින් සිටි මත්පැන් නිෂ්පාදන ආයතන 5ක බලපත් අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ සදහන් කරන්නේ මෙම ආයතනය විසින් ගෙවිය යුතුව පවතින බදු ප්‍රමාණය රුපියල් මිලියන 6000කට අධික වන බවයි. මෙලෙස බලපත්‍ර අත්හිටුවනු ලැබුවේ වයඹ ඩිස්ටලරීස්, මෙන්ඩිස්, රන්දෙණිගල, ෆින්ලන්ඩා සහ සිනර්ජි ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක යි. මත්පැන් නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් තිස්සේ රජයට අයවිය යුතුව පවතින බදු මුදල් පැහැර හැරීම පිළිබඳ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් සුරාබදු කොමසාරිස්වරයාට නිකුත් කරනු ලැබූ නියෝගයට අනුව ඔක්තෝම්බර් මස 31වන දින වන විට හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත්වන ආයතනවල නිෂ්පාදන බලපත් අවලංගු කිරීමට කටයුතු කරනු ලැබුවා.

    Latest News