සබරගමුව වි. විද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

නොවැ 02, 2023

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පත් කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මෙම පත් කිරීම වසර තුනක් සඳහා බලපැවැත්වෙනවා. සුනිල් ශාන්ත මහතා, සබරගමුව විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම එක්ව සිටි අතර, එහි වසර 31 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා. 2017 සිට 2020 වසර දක්වා ද සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස ද ක්‍රියා කළා. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා තාක්ෂණික පීඨය ආරම්භ කරන ලද්දේ, එම කාල පරිච්ඡේදයේ. ඒ මහතා, 2015 වසරේ සිට 2017 දක්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද සේවය කළා. සුනිල් ශාන්ත මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්.

    Latest News