මත්ස්‍ය පැටවුන් 90.000 ක් විරවිල වැවට මුදාහරි

මාර් 30, 2019

    යොවුන් පුරය - 2019 ට සමගාමිව මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩි ඉල්ලුමක් සහ ඉහල වටිනාකමක් සහිත මත්ස්‍ය පැටවුන් 90,000 ක් විරවිල වැවට මුදාහරියි.

    මත්ස්‍ය පැටවුන් මුදාහැරිම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින සිදු කෙරිණ. මිරිදිය ධීවර ජනතාව සවිබල ගැන්වීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ මෙලෙස වීරවිල වැවේ මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සිදු කෙරින .

    රට අභ්‍යන්තරයේ පිටිහි වැව් සහ ජලාශ 12.000 ක පමණ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. එය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වැඩි වටිනාකමක් සහ විශාල ඉල්ලුමක් සහිත මත්ස්‍ය පැටවුන් ජලාශවල තැන්පත් කිරීම සිදු කෙරේ. මේ යටතේ මිරිදිය ධීවර ජනතාවට වැඩි ආදායමක් ලබාගැනීමේ හැකියාව ලැබේ.

    Latest News