ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී (වීඩියෝ)

මාර් 30, 2019

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා, ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

    මියයන විට ඇය 79 වන වියේ පසුවූවාය. දශක 5කට ආසන්න කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායන කිරුළු දැරූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය වැඩිම යුග ගී සංඛ්‍යාවක් ගැයුවේ එච්.ආර්. ජෝතිපාලයන් සමඟයි. ගීත පන්දහසට අධික සංඛ්‍යාවක් ගායනා කරමින්, සම්මානයට ද ඇය පාත්‍ර වූවාය. ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය, අංක 39/3, පාගොඩ පාර, නුගේගොඩ නිවසේ තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 22:34

    Latest News