"යොවුන්පුරය-2019" සමාප්ති උළෙල (වීඩියෝ)

මාර් 30, 2019

    “යොවුන්පුරය-2019“ සමාප්ති උළෙල හම්බන්තොට වීරවිලදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය 26 වැනිදා ආරම්භ කෙරුණු මෙය, දස වැනි යොවුන් පුරයයි. යොවුන්පුර භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්විය. එහිදී තරුණ-තරුණියන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මෙවර 8,000කට ආසන්න තරුණ පිරිසක් යොවුන් පුරයට එක්වූහ. විදෙස් රටවල තරුණ-තරුණියන් රැසක් ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව යොවුන් පුරය සංවිධාන කළේය.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 22:36

    Latest News