ලොව රටවල් මිහිකත හෝරාව සමරයි

මාර් 31, 2019

    ලොව රටවල් බොහොමයක් මිහිකත හෝරාව සමරනු ලැබීය.

    “මිහිකතට යාවෙමු“ යන්න මෙවර එහි තේමාවයි. ලෝක වනසත්ව අරමුදල විසින් 2007 වසරේදී මෙම මිහිකත හෝරාව හඳුන්වා දෙනු ලැබීය. එය හැඳින්වෙන්නේ පරිසරය සුරැකීම සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන ලොව විශාලතම වැඩපිළිවෙළ ලෙසයි.

    මිහිකත හෝරාව සැමරීම සඳහා ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ පහන නිවා දැමීය. පසුගිය වසර 12 පුරාවටම බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මිහිකත හෝරාව සැමරීම සඳහා එක්විය. ලොව වඩාත් ජනතා ආකර්ශනයට ලක්වූ සිහිවටනයක් වන ප්‍රංශයේ අයිෆල් කුළුණ ද මිහිකත හෝරාව සැමරීම සඳහා එක්විය.
    ජර්මනියේ බර්ලින් නුවර බැරැන්ඩන්බර්ග් ද්වාරයද සියලු පහන් නිවා දමමින් මිහිතක හෝරාව සමරනු ලැබීය. නිව්යෝර්ක්හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ද, බ්‍රසීලයේ ක්‍රිස්තු ප්‍රතිමාවද ඔස්ට්‍රේලියාවේ ඔපෙරා රඟහලද මිහිකත හෝරාව සැමරීමට එක්වූහ.

    Latest News