නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

සැප් 02, 2024
    මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බවයි.

    තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි, නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසන්නේ.

    Latest News