එම සහන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ නිකුත් කෙරිණ. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා මෙම නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.
ඒ යටතේ, ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින්, ඔටේ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් හා ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් ද අඩු කර තිබේ. ඉන්ධන මිල ගනන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.