තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

සැප් 05, 2024
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතයි.

    ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්රකාශය කිරීම සිදු කෙරුණා.

    අද සහ හෙට (06) යන දෙදින තුළ ත්රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
     
    එමෙන්ම ඊයේ දිනයේ ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා හෙට දිනයේ ද තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
     
    අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ, දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

    Latest News