ආහාරයක් විෂ වී 43ක් රෝහලට

සැප් 04, 2024
    පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බව මීගොඩ පොලිසිය පවසනවා.

    ඒ අතර කාන්තාවන් විසි පස් දෙනෙකු හා පුද්ගලයින් දහ අට දෙනෙකු වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවත් පොලිසිය කියා සිටියා.

    මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ මෙම අසාත්මිකතාවය ඇති වූ බවයි වාර්තා වන්නේ.

    Latest News