තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි

සැප් 06, 2024
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (06) තුන්වැනි දිනටත් සිදුකිරීමට නියමිතයි.

    ඒ අනුව තැපැල් ඡන්දය ලකුණු කිරීට අදාල රාජ්ය සේවකයින්ට පෙ.ව 9 සිට ප.ව 4 දක්වා ඡන්දය ප්රකාශ කළ හැකිිය.

    දිවයින පුරා ඡන්ද මධ්යස්ථාන 1,500කට අධික සංඛ්යාවක පහසුකම් සලසා තිබෙනවා.
     
    අද ත්රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
     
    අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ, දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2024 10:24

    Latest News