රාජ්‍ය අමාත්‍යවරුන් 4ක් තනතුරුවලින් ඉවතට

සැප් 06, 2024

    රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) ව්‍යවස්ථාව මගින් තමාට ලැබී ඇති බලතල ප්‍රකාරවයි.

    ඒ අනුව, සිය ධුරවලින් ඉවත් කරනු ලැබ ඇති රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු වන්නේ, වරාය සහ ගුවන් ‍සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රෙමලාල් ජයසේකර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අයයි.

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ද එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2024 08:24

    Latest News