මෙරට පළමු “පාසල් කෘතීම බුද්ධි ශිෂ්‍ය සමාජය” නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයෙන්

සැප් 11, 2024
    ලංකාවේ පළමු “පාසල් කෘතීම බුද්ධි ශිෂ්ය සමාජය” පසුගියදා නුවරඒළිය St.Xaviers College ආරභ වුණා. ඒ ලංකාවේ රාජ්ය සේවයට හා මාධ්යට AI හෙවත් “Artificial Intelligence” තාක්ෂනය ප්රායෝගිකව ඒකතුකල, ශ්රි. ලංකා රූපවාහිනි සංස්ථවේ ජාතික රූපවාහිණියේ ප්රවෘත්ති නිෂ්පාදකවරයෙකුවන සම්මානිත නිෂ්පාදක මාධ්යවේදි ගාමිණි බණ්ඩාර මැණික්දිවෙලගේ ප්රරදානත්වයෙන්.
     
    ඒ අනුව හදුන්වාදෙන “Student's Basic Artificial Intelligence Course” “ශිෂ්ය කෘතිම බුද්ධි මූලික පාඨමාලාව” දවස පුරා පාසලේදි පැවැත්වුණා.පාඨමාලාව 100% නොමිලේ ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව සිදු කිරිමට R B G Menikdewala මහතා පියවර ගෙන තිබුණා. වැඩ සටහන අවසානායේ ජත්යන්තර වශයෙන් වටිනා, භාෂා ත්රිත්වයෙන් සම්පාදිත සහතික පත්රයක්ද දරුවන් වෙත පිරිනමනු ලැබුවා.
     
    ලංකාවේ පැරණිතම පාසල් අතරින් ඒකක් ලෙසත් ,ලංකාවේ පැරණිතම මිශ්ර ජන පාසල ලෙසත්, භාෂා ත්රිත්වයකින් කටයුතු කරන පැරණි පාසලක් ලෙසත් පාසලට වසර 165 පිරිම නිමිතිකරගෙන “Student's Basic Artificial Intelligence Course” පාඨමාලාව නුවරඑළිය St.Xaviers College ට ලබාදෙන ලෙස ඒහි ආදිශිෂ්යයෙකු වන වට්යාපාරික සුරෙන් ස්වාමිනාදන් මහතා කල ඉල්ලීමකට අනුව වැඩසටහන පැවැත්විය.
     
    වැඩ සටහන සදහා විද්යලයේ ආදිශිෂ්ය සංවිදානයේ ලේඛම් මොරටුව විශ්වවිද්යාලයේ ෙජ්යෂ්ඨ කථිකාචාර්ය තෝමස් බෙංජමින් ජෙගනාදන් මහතා ඇතුලු පිරිසක් මහත් කැපවීමකින් අනුග්රාහක සහ සංවිධාන ශක්තියෙන් දායකවිය.
    අනාගත පරපුර නවින දැනුමෙන් සහ තාක්ෂනයෙන් සන්නද කිරිමේ අරමුනින් ඇරබි කෘතිම බුද්ධිය පිළිබද රාජ්ය අවදානය වත්මන් ජනාදිපති රනිල් වික්රමසිංහ මැතිතුමා විසින් මෙරට සංවර්ධන ක්රියාවලියට ප්රථම වතාවට හදුන්වා දෙනු ලැබීය.
     
    අනතුරුව ලංකාවේ මාධ්ය ක්රෙස්ත්රයට “Artificial Intelligence”තාක්ෂනය භාවිතා කර ප්රථමවතාවට සිංහල, දෙමල, ඉංග්රි්සි මාධයෙන් ප්රවෘත්ති නිෂ්පාදනය කල ගාමිනි බණ්ඩාර මැණික්දිවෙල මහතා , 2024.5.31 වන දින ගරු ජනාදිපති රනිල් වික්රමසිංහ මහතා සමග පැවැති සාකච්චාවේදි “Artificial Intelligence” විෂයක් ලෙස සංවර්ධනය කිරිමට හා පාසල් දරුවන්වෙත ගෙනයාම සදහ යෝජනා තුනක් ඉදිරිපත්කරනු කරනු ලැබුවා .ඒන් පළමුවැන්න වුයේ පාසල් තුල “Artificial Intelligence” ශිෂ්ය සමාජ පිහිටුවන ලෙසයි.
     
    459071807 515300187757075 4044636128273555720 n
     
    දෙවැන්න වුයේ තාමත් විෂයක් ලෙස “Artificial Intelligence” ලංකාවේ අධ්යපන ආයතනවල ඉගැන්වීම් කටයුතු ආරම්භ වී නොමැති බැවින් පාසල් විෂය නිර්දේශයට සුදුසු කොටස් තෝරාගෙන ඉගැන්වීම් කටයුතු සදහා 7000ත් 10,000 අතර ගුරුවරුන් ප්රමාණයක් “Artificial Intelligence” පුහුණුව සදහ බදවාගත යුතුබවයි.තුන්වැන්න වුයේ ඒය තාක්ෂනික විෂයක් ලෙස වෙන් නොකොට පොදු සංවර්ධන විෂයක් ලෙස විශ්ව විද්යයාල සහ පාසල්වල ඉගැන්විය යුතු බවයි. ඒමගින් ලක්ෂ 40 පමණ වු පාසල් දරුවන්ගෙන් ලක්ෂ 10 ක් AI ටුල් නිෂ්පාදනයට යොමුවුව හොත් ඉන් ලැබෙන විදේශ විනිමය ආර්ථික ප්රතිලාභ අතිමහත් බවයි.
     
    අධ්යපන විෂය තුල තාමත් නොවිසදි ඇති ගැටලුවක්ව පවතින ලිංගික අධ්යපනය සදහා “Artificial Intelligence” මගින් නිර්මාණය කරන “Awata” කෙනෙකු සෑම පාසලකටම ලබාදිමෙන් පාසල් දරුවන්ට පුද්ගලිකත්වය ආරක්ෂාවන අයුරින් තමන්ට ඇති ලිංගික ගැටලු කිසිදු සබකෝලයකින් තොරව “Awata” සමග ප්රශ්න කරමින් ඉගනගත හැකි බව මෙහිදි ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා ජනාදිපතිතුමන්ට යෝජනා කළා.
     
     
    අදාල යෝජනාවන්ට ප්රතිචාර දක්වමින් 2024.8.24 වන දින ගුරු ජනාදිපති රනිල් වික්රමසිංහ මහතා විසින් “Artificial Intelligence”පාසල් කමිටු (කෘතීම බුද්ධි පාසල් කව) පිහිටුවීම සදහා වු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබේ.
    2024.09.03 වන දින පාසල් ආශ්රිත “Artificial Intelligence” විෂය ඉගැන්වීම සදහා ගුරුවරුන් 7500ක් පුහුණු කිරිම සදහා වු ගරු ජනාධිපතිතුමන්ගේ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබුණා.
     
    මෙවැනි වටපිටාවක් තුල ලංකාවේ පළමු “AI පාසල් කෘතීම බුද්ධි ශිෂ්ය සමාජය” පිහිටුවීම සහ “Student's Basic Artificial Intelligence Course” හදුන්වා දිමට ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව කටයුතුකල ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට නුවරඒළිය දිස්ත්රික්කයේ ව්යපාරිකයන් විද්වතුන් ,බුද්ධිමතුන් හා පසල් ආදිශිෂ්ය,ගුරුදෙගුරුන් සිය ස්තුතිය පුදකල අතර නුවරඑළිය දිස්ත්රික්කයේ අනිකුත් පාසල් සදහාද මෙම පාඨමාලාව ලබාදිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.
     
    මේ අවස්ථාවට, කොළඹ රාජකීය විද්යලයේ හිටපු අධ්යයන කාර්ය මංඩල සාමාජිකයෙකු සහ ලේඛකාධිකාරි,ශ්රි ලංකා පාසල් පැසිපංදු සංගමයේ සහකාර මහලේකම් ලාල් ඉංද්ර කුමාර මහාත,අරුප්පල වෘර්තීය තාක්ෂන විද්යලයේ H H M B S Gunarathna,,Hiran Kodithuwakku,Secretary, Baker Foundation.St.Xaviers College හි විදුහල්පතිතුමා,ගුරුභවතුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
     
     

    Latest News