ජපුර සරසවිය තාවකාලිකව වැසෙයි

සැප් 12, 2024
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට, පියවර ගෙන තිබෙනවා.
    සිසුන් දෙපිරිසක් අතර උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වයක් ඊට හේතුවයි.
    ඒ අනුව, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සියලුම සිසුන් වෙත දැනුම් දී ඇත්තේ, අද පස්වරු 6.00 වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසයි.
    සියලුම පීඨවලින් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට උපදෙස් දී තිබෙනවා.

    Latest News