කමිඳුගෙන් විශිෂ්ඨ ඉනිමක් - ශ්‍රී ලංකාව ප්‍රබල තැනක

සැප් 28, 2024

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 05ක් දැවී තිබියදී ලකුනු 602 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබුවා. විශිෂ්ඨ පිතිහර‌‌ඹයක නිරතවූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ලබාගත්තා.

    ඊයේ තරගයේ සුවිශේෂී සිදුවීම වූයේ කමිඳු මෙන්ඩිස් අඩුම ඉනිම් ගණනකදී ටෙස්ට් ලකුණු 1000සීමාව වාර්තාකළ ක්‍රීඩකයින් අතර තුන්වන ස්ථානයට පත්වීමයි. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ වි‍ශිෂ්ඨයෙකු වූ ඩොන් බ්‍රැඩ්මන් පිහිටවූ වාර්තාව සමකරමින්.

    ඊයේ දෙවැනි දිනට තරගය නිමාකරන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 02ක් දැවී ලකුණු 22ක් ලබාසිටියා.

    Latest News