අටලුගම රත් කළ අනතුර

ඔක් 25, 2024
    කාපට් තලන යන්ත්‍රයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කෙරෙමින් තිබියදී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා මාර්ගය ආසන්න දුරකතන කණු ගණනාවකට අලාභහානි සිදුව තිබෙනවා.
    මෙම අනතුර ඊයේ රාත්‍රී සිදුව ඇත්තේ බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේදි.

    මාර්ග සංවර්ධනයට යොදාගන්නා කාපට් තලන යන්ත්‍රය ප්‍රවාහනය කරමින් තිබියදී, එහි ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබු දුරකතන රැහැන්වල ගැටී තිබෙනවා.

    පොලීසිය සඳහන් කළේ ඒ සමග අදාළ ස්ථානවල දුරකතන කණු සහ එම රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇති බවයි.
    එම අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද මාර්ගයේ තිබු දුරකතන රැහැන්වල පැටලී අනතුරට ලක්ව තිබෙනවා.
    අප වාර්තාකරු සඳහන් කළේ ඔහු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
    මෙම අනතුර හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභයක් සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News