පසුව එම වැසි තත්වය අම්පාර සහ මඩකළපු දිස්ත්‍රික්කවලටද පැතිර යා හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
ගිගිරුම් සහිත වැසි ඇති වන එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 05 සිට 15 දක්වා සූර්යා ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කරයි. අද දහවල් 12:11 ට නල්ලූරුව, බැල්ලපිටිය, බෝතලේ, කහවත්ත, කඳුරුගල්ල, කෝන්කැටිය, හබැස්ස සහ දොබගහවෙල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.