කහවේ යතුරු පැදියක් හා ලොරියක් ගැටී අයෙක් මරුට

අප්‍රේ 07, 2019

    ඊයේ(06) සවස 4ට පමණ අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ ගාලු පාරේ යතුරු පැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

    යතුරුපදියේ ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. කොළඹ සිට ගාල්ල වරාය දක්වා ගමන් කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 09:57

    Latest News