හෙළ බොජුන් හලේ ඉදිකිරීම් ඇරඹේ (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    අනුරාධපුර, ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ හෙළ බොජුන් හලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    එය ඉදි කෙරෙන්නේ, බෝධි පරිශ්‍රයේ නැගෙනහිර වාහල්කඩ ඉදිරිපිටයි. දිවයින පුරා හෙළ බොජුන් හල් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මෙය ස්ථාපනය කෙරේ. ඒ, ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව උදෙසායි.

    බස්නාහිර සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියෙන් මේ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 30ක්. බොජුන්හල ආශ්‍රිතව සනීපාරක්‍ෂක පහසුකම් ද මේ යටතේ සංවර්ධනය කෙරේ. එළඹෙන වෙසක් පොහොය වනවිට ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්‍ෂිතයි. අටමස්ථානාධිපති, පුජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 19:54

    Latest News