නිවස හාරා සාලිය-මාලාගේ නිධානය සෙවු 05 ක් මාට්ටු

අප්‍රේ 09, 2019

    පුත්තලම කරුවලගස්වැව - සාලියවැව පළුගස්සේගම නිවසක කාමරයක නිදන් ගැනීමට පොළොව හාරමින් සිටි කාන්තාවක් ඇතුළුව පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අනුව ඊට අදාළ උපකරණ ගත් බව සාලියවැව පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත් උපකරණ තොගය අතර, පොළොව කැණීම් කරන අත් මැෂින් 2ක්, වතුර මෝටරයක්, යකඩ ඉන්නක්, උදැල්ලක්, ගල් විදින කටු කිහිපයක්, පූජා භාණ්ඩ ඇතුළ උපකරණ 26ක් පවති. ඒ අනුව මෙය නිදන් හෑරීමක් බවට සැකකරන බවත් පොලිසිය පවසයි.

    කිසියම් පිරිසක් කැණීම් සිදු කරන බවට ලද තොරතුරකට අනුව සාලියවැව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටළීම සිදුකර තිබේ. පොලිස් නිළධාරින් එම ස්ථානයට ළඟා වනවිට නිවසේ කාමරයක දෝනාවක් මෙන් විශාල වළක් හාරා තිබූ බවත්, නිවසේ හිමිකාරිය ඇතුළුව සැකකරුවන් පිරිස හා උපකරණ තොගය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

    නිවස පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පළුගස්සේගම බස් නැවතුම් පොල ආසන්නයේම පිහිටා තිබේ. මාස කිහිපයක් කිසිවකුට නෙත නොගැටෙන අයුරින් විශාල ගල් කුටිට් සමගින් පස් ගේ ඇතුලේ තවත් කාමරයක හා සාලයේ වහලේ උසට ගොඩ ගසා මෙම කැනීම් සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, දඹුල්ල සහ සාලියවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. මෙම සිදුවීමට සම්බන්ධ තවක් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදු කරන බවත් පොලීසිය පවසයි.

    පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ. චන්දස්න සහ වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි සනත් කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත, සාලියවැව පොලීසියේ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    tresurehunt px 900 19 04 09

    tresurehunt1 px 900 19 04 0

     

     

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 18:06

    Latest News