ඊයේ අලුයම යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කොළඹ10, මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10, ජුම්මා මස්ජිත් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන් මෙරටට පැමිණියේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කිරීම සඳහා රඳවා ගැනීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලැබිණ.
කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය විසින් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී කොළඹ ප්රධානෙ මහේස්ත්රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්රාත් වයි.ආර්.බී. නෙළුම්දෙණිය මහතා විසින් ඔහුව රඳවා ප්රශ්න කිරීමට අවසර ලබාදුනි. මොහු මාලිගාවත්ත ප්රදේශයේ නමගිය පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස හැඳින්වේ.