දිර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට විශාල පිරිසක්

අප්‍රේ 19, 2019

    සිංහල දමිල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග සති අන්ත දිර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ(18) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

    ශ්‍රී පාද වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියළුම රථගාල්වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මරේ මංසන්ධියේ සිට රිකාටන් දක්වා කිලොමිටර් 4 පමණ දුරට මාර්ගයේ එක් පසක ගාල් කිරීමේ පහසුකම් සලසා ඇත.

    දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් දිවා රාත්‍රි දෙකේම ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබේ. මෙයට සමගාමිව පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇත.


    ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුගේ ආරක්ෂාව සඳහා දිවා රාත්‍රි දෙකේම විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් පවසයි.

    Latest News