නල්ලතන්නිය කොවිලේ ඊයේ (19) පැවති වාර්ෂික උත්සවයේදී වතු කම්කරුවන් වෙත ලබාදුන් දන්සලක ආහාර අනුභව කල අයගෙන් කුඩා ළමුන් 7 දෙනෙක් සහ කාන්තාවන් සහ පිරිමින් 35 දෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂන මෙම පිරිසට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
බත්,පරිප්පු,බටු සහ වට්ටක්කා ව්‍යංජන වශයෙන් පාර්සල් වශයෙන් සකස් කර කොවිලට පැමිණි වතු කම්කරුවන්ට කොවිලේ පාලක සභාව විසින් බෙදා හැර ඇත. ආහාර විස විම සම්බන්ධයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් පරික්ෂණයක් අරම්භ කර තිබේ.