කිසිදු හේතුවත් මත මෙම තත්ත්වයත් සමඟ ප්රකෝපකාරි ලෙස නොහැසිරෙන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර අද සවස පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පාස්කු දින දේව මෙහෙයන් අවලංගු කරන බව කොළඹ අදරදගුරු නිවස සඳහන් කරයි. එමෙන්ම සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රකාශ කරයි.