ජනාධිපති ට්‍රම්ප් මහතා ඊයේ (22) සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය තුරන් කරලීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය ඇපකැපව සිටින බවයි.
බෝම්බ ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ තුවාල ලැබූවන් වෙත සිය කනගාටුව පළ කරන බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මිත්‍රත්වය සහ සහයෝගය පළ කිරීම පිළිබඳ අගමැති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර සිටියේය.