ඇමති අර්ජුන නඩුවෙන් නිදහස්

අප්‍රේ 25, 2019

    මෑතකදී කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු නැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
     ඒ අනුව සැකකරු මුදා හරින මෙන් ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට නියම කළේය.
    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 10:45

    Latest News