ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර කල්මුණේ, සායින්දමරුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු මියගිය බවට කළ ප්‍රකාශය රටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම බව පැහැදිලිය. ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්ෂා සහගතව ජනතාව නොමඟ යැවීමේ අරමුණින් යුතුව සිදු කරන ලද මෙම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම සාහසික ප්‍රකාශයක් බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මෙම සිද්ධියෙන් කිසිදු ආරක්ෂක නිලධාරියෙකු මරණයට පත්වීමක් හෝ අවම වශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට තුවාලයක් හෝ සිදුවී නොමැත. මේ මොහොතේ රටේ පවතින ආරක්ෂක තත්වය හමුවේ සාහසික ප්‍රකාශය මාධ්‍ය තුළින් සමාජගත කිරීම බරපතල අපරාධයක් බැවින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී.