ආගමික වතාවත්වලට මුල් තැන

අප්‍රේ 29, 2019

    මහජන ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දෙමින්, වෙසක් සමයේ, ආගමික වැඩසටහන් පැවැත්වීමට අවධානය යොමු කරන බව, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුවී ඇති තත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය ආගමික වතාවත්වලට පමණක් මුල් තැන දී, සිදු කරන බව, අමාත්‍යවරයා පවසයි. ජනතාව ඒකරාශීවන තොරණ, දන්සැල් ආදිය සීමා කිරීමට පියවර ගෙන තිබේ. විශේෂ ආගමික කටයුතුවලදී ආරක්‍ෂක අංශයේ සහය ලබාගත හැකියි.

    මේ අතර වෙසක්, පොසොන් යන රාජ්‍ය උත්සව සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබාගැනීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කිරීමට නියමිතය. වෙසක් වැඩසටහන් හැකිතරම් සීමා කිරීමට, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දී ද තීන්දුවක් ගත් බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 18:57

    Latest News