ඇමති සජිත්ගෙන් අලුත් සංස්කෘතියක්...... මත්පැන් හල සිනමාවෙන් එළියට

මැයි 08, 2019

    ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ සඳහා වු යෝජනාව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පිරිනැමිණ. ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවිමෙන් පසු සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ආරම්භ කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවීය. එසේ වුවද පසුකාලීනව සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්දේශ අතුලත් ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ යුත්වේ.

    සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් පිහිටුවිමෙන් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ධනයක් අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව රජය පෙන්වා දෙයි.

    ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසින් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වු ජාතික වැඩසටහනට දායකත්වයක් ලෙස රජය මෙම තීරණය ගෙන තිබේ.

    Latest News