කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අවසන් කිරීමට නොහැකි වු විභාග පැවැත්විය යුතු හෙයින් එම පීඨයේ අධ්‍යයන කටයුතු 15වනදා ආරම්භ කිරීමට නියමිතයි.
ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය පසුව දැනුම් දෙන බව, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේය.
එමෙන්ම නේවාසිකාගාර සිසු සිසුවියන් සඳහා අද (13) සිට නේවාසිකාගාර විවෘතව තැබෙන බව සඳහන්.
මේ අතර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදින් පසු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ අවසන් තීරණයක් ගැනීමට උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමේ දින සහ ආරම්භ කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණ ගැනීම උපකුලපතිවරුන් සතු වන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි.