NTJ හැදුවේ කව්ද? නියම දවසට එළි කරනවා

මැයි 13, 2019

    මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    ඇය මෙම අදහස් පළ කලේ රත්නපුර, ගබ්බෙල සිට  කලල්ඇල්ල, අම්බලන්වත්ත මාර්ගය රුපියල් මිලියන 500 ක වියදමින් කාපට් අතුරා නිම කිරීමට යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

    “ඊයේ පත්තරේ මම දැක්කා පෙරේදා පාර්ලිමේන්තුවේදි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා, අපේ කාලෙ යුද්ධෙ උච්චතම අවස්ථාවෙවත් මාධ්‍යට අත තිබ්බෙ නෑ, මාධ්‍යට අත තිබ්බේ නෑ මාධ්‍යවේදීන් උත්සන් ගියා. එතකොට මාධ්‍යට අත තියන්න දෙයක් නෑනෙ‍. ඕව ගැන ලසන්ත වික්‍රමතුංග මහත්තයා  මගෙ බොහොම ලඟම යාළුවෙක්, ප්‍රගීත් එක්නැලිගොඩ මහත්තයාල, මේ රට මාධ්‍යවේදීන් කීදෙනෙක් අත්හැරල ගිහිල්ලද, කීත් නොයාර්ලා, ඒගොල්ලන් ඒ වෙලාවට දැන්නම් සිල් ගත්ත වගේ කතා කරනවා. ඒ මහත්තයටත් අපි මතක් කරල දෙන්න සූදානම් හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕනි, අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න, යහපාලනය තුලින් පක්ෂ භේදයක් නැතුව වෙනත් කිසිම භේදයක් නැතුව හැම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා.”

    Last modified on සදුදා, 13 මැයි 2019 12:12

    Latest News