ආරක්ෂක බුද්ධි ජාලය ශක්තිමත් කෙරේ

මැයි 24, 2019

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය රේගුව, ආගමන විගමන සහ රාජ්‍ය ඇතුළු සියලු ආරක්ෂක බුද්ධි අංශ එකිනෙකට සම්බන්ධ කරමින් මෙරට ආරක්ෂක බුද්ධි ජාලය කිසිදු ආකාරයකින් දුර්වල කළ නොහැකි පරිදි ප්‍රතිසංවිධාන කර ශක්තිමත් කෙරේ.

    රටේ හා ජනතාවගේ ආරක්ෂාව ඉලක්ක කර ගෙන ඒවාට එරෙහිව නැගී එන ත්‍රස්තවාදී ක්‍රියාවන්, විදේශ බලවේග, මත්ද්‍රව්‍ය, අන්තර්ජාල ප්‍රහාර, පරිගණක අපරාධ, කළු සල්ලි ජාවාරම්, දෙස් විදෙස් කුමන්ත්‍රණ, පවතින්නා වූ රජයන්ට එරෙහිව නැගී සිටින දේශපාලනික හෝ වෙනත් ආකාර වලින් නැගී එන බලවේග මඩ ප්‍රහාර අපහාස කිරීම් ඇතුළු සියලු බලවේග සියල්ලට අභියෝගාත්මකව මුහුණ දී එම බලවේගයන්ට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ඒවා සියල්ල නැත්තටම නැති කර දමා රටේ ආරක්ෂාවත් මහජනතාවගේ නිදහස හා සාමය ආරක්ෂා කිරීම අරමුණ කරමින් ශක්තිමත් බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ ඉලක්කය වී තිබේ.

    Latest News