කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළට

මැයි 27, 2019

    මේ වසරේ අප්‍රේල් මාසයේ දී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව පසුගිය වසරට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම, සියලු පර්යන්තවල ධාරිතාව 5.9%කින් වැඩිවී ඇති බවයි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනනේ. ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය තුළ මෙහෙයවන ලද බහාලු ප්‍රමාණය ඒකක හාරලක්ෂ හතළිස් එක්දහස් හාරසිය තිස් හතක්.

    එය මේ වසරේ අප්‍රේල් මාසයේ දී බහාලු ඒකකය හාරලක්ෂ අසු දෙදහස්නවසිය දහයක් දක්වා වර්ධනය වී ඇති බවයි වරාය අධිකාරිය පවසන්නේ. කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයවීම ද 8.6%කින් වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තවල බහාලු මෙහෙයවීමට 10.5%කින් වර්ධනය වීම විශේෂත්වයක් බවයි එම අධිකාරිය නිවේදනය කරන්නේ. ඉකුත් වසරේ දී බහාලු මෙහෙයුම් වර්ධනය සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දී කොළඹ වරාය ලොව හොඳම වරායන් 30 අතර පළමු ස්ථානයට පත් විය.

    Last modified on සදුදා, 27 මැයි 2019 08:11

    Latest News