වීසා නැති විදේශිකයන් 3ක් පොලිස් දැලේ

මැයි 28, 2019

    ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ නයිජීරියානු සහ පාකිස්තාන ජාතිකයන්. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඊයේ සවස ගාල්ල වරාය පොලිසීය විසින්. සැකකරු 45 වැනි වියෙහි පසුවෙයි. මොහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය නගරයේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය.

    ඔවුන් මෙරටට පැමිණ වෙළඳාම් කටයුතුවල නිරතව සිටිය දී මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක වරෙන්තු නිකුත් කර තිබූ දෙදෙනෙක්. සැකකරුවන් 28 හා 30 වයස් කාණ්ඩවල පසුවන්නන්. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 09:45

    Latest News