ආණමඩුව,බංගදෙණිය මාර්ගයේ,පෙරමාකුත්තුව ප්රදේශයේ දී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් පැදිකරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්. 31 හැවිරිදි ඔහු ආණමඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.