වෛද්‍ය සාෆිට දඹුල්ලෙන් පැමිණිලි;දරුවන් නොමැති සියල්ල පසුතැවිමෙන් (ඡායාරූප)

මැයි 28, 2019

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි දඹුල්ල රෝහලේ රාජකාරි කළ සමයේ සිසේරියන් සැත්කම් සිදුකළ කාන්තාවන් 10 දෙනෙකු අද (28) පෙරවරුවේ දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

    මෙම කාන්තාවන් 2013 සහ 2015 යන වසරවල දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූතියට නේවාසිකව සිට සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මව්වරු බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළ බවත් ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම සිදුකළ බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධිය අනාවරණය වන දරුවන් නොලැබීම පිළිබඳව විවිධ වෛද්‍යවරුන්ට පෙන්වු බවත් යාග හෝම බලිතොයිල් සිදුකළ බවද මෙම මව්වරු පවසති. ඇතැම් මවුවරුන් කියා සිටියේ අඹු සැමියන් අතර දරුවන් නොමැතිවීම නිසා ප්‍රශ්න ගැටලු ඇති වූ අවස්ථා රැසක් පැවතුණු බවයි.

    මුහුණ පෙන්වීමට අකමැති වූ මවක කියා සිටියේ තම ස්වාමි පුරුෂයා සමඟ දරුවන් නොමැතිවීම පිළිබඳව දිගින් දිගටම ඇති වූ ගැටළු තත්ත්වයක් හේතුවෙන් තමන්ගේ සැමියා සිය ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ දැරූ බව යි. මෙම සිද්ධියත් සමඟ තම සැමියා එය අවබෝධ කර ගැනීම විශේෂ කාරණාවක් බව ඇය හඬා වැටෙමින් අප සමග කීවාය.

    දඹුල්ල පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේය. දඹුල්ල පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක කේ. කේ . එස්. කෝදාගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි සටහන් කර ගනු ලැබීය.

    doctorsiyabdeen1 px 900 19

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 13:11

    Latest News