වෛද්‍ය පාදෙණිය අධිකරණයට අපහාස නඩුව විභාගයට දිනයක්

මැයි 28, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි පැමිණිල්ල ලබන 04 වනදා කෑදවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

    පැමිණිල්ල විභාගයට ගන්නා දින තීරණයට ලබන 04 වනදා කෑදවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය. පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණා.

    2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය ප්‍රකාශ කළ නඩු තීන්දුව දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බව පැමිණිලිකරුවන් කියා සිටි. ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ

    Latest News