තීරණයේ හරි - වැරැද්ද ජනතා තීන්දුවට

නොවැ 10, 2018

    වත්මන් දේශපාලන වෙනස සම්බන්ධයෙන් ගත් තීන්දුවේ හරි වැරැද්ද ජනතාව හමුවට ගොස් තහවුරු කරගත යුතුයැයි විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    එම ක්‍රියාමාර්ගය නිවැරැදි යැයි ජනතාව තීන්දු කළහොත් පසුගිය වසර තුනක කාලය තුළ රට අගතිය කරා ගෙනගිය ගමන කඩිනමින් වෙනස් කිරීමට විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

    අගමැති මේ බව කියා සිටියේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් රචනා කළ“ ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප්‍රගතිය සහ අගතිය“ ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලට එක්වෙමිනි.

    ආණ්ඩුව භාර ගන්නට යෝජනා කළ විට, රට තවදුරටත් විනාශය කරා යන්නට ඉඩ හරිනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සිදුවූ බවත් අගමැති පැවසීය.
    එය එකඟ නොවී තවදුරටත් ඉවසීමට තීන්දු කළේ නම් ඉදිරියේ දී භාරගැනීමට රටක් ඉතුරු නොවනු ඇති බව කියා සිටියේ. එසේ වූයේ නම් රටේ ජාතික සම්පත් සියල්ල කුණුකොල්ලයට පිටරටවලට විකුණා දමනු ඇති බවත් ඔහු පෙන්වා දුනි.

    Latest News