සිංගප්පුරු ගිවිසුමට තවත් අවස්ථාවක් - බන්දුල (විඩියෝ)

නොවැ 10, 2018
  • දෙරටටම වාසි අත්වන අයුරින් සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසයි.

    එහිදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් වාර්තාවත් සැළකිල්ලට ගැනෙනු ඇති.
    ආවේගයෙන් හෝ වෛරයෙන් තීන්දු තීරණ නොගන්නා බවත් එසේ ගතහොත් එහි විපාකය රටට බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා පෙන්වා දුනී. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේ ඊයේ (09) වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්ය.

    රටවල් දෙකක් අතර අස්සන් කළ ගිවිසුමක් හිතුමතේ අහෝසි කරන බවට ඒකාබද්ධ විපක්ෂය කිසිම මොහොතක ප්‍රකාශ කර නැති බව මෙහිදි අවධානරය කලේය. ශ්‍රී ලංකාව හා සිංගප්පූරුවේ මිත්‍රත්වයට කිසිදු හානියක් නොවන අයුරින් තව තවත් රටට හිත කර ආයෝජන අවස්ථා ලබාගත හැකි වන ලෙස එය යලි සැකසෙනු ඇති.

    Last modified on සෙනසුරාදා, 10 නොවැම්බර් 2018 12:36

    Latest News