අගමැති - තැබු ට්විටර් පණිවුඩයක්

නොවැ 10, 2018

    ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීම සඳහා ජනතාවට ඉඩ ලබාදීම රටේ නායකයන් ලෙස අපගේ වගකීම කොට සලකන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යතුමා කියා සිටින්නේ, නව මහ මැතිවරණයක් මගින් ජනතා කැමැත්ත ස්ථාපිත වනු ඇති බවයි. එසේම, ස්ථාවර රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම එමගින් සකස් වනු ඇති බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙයි.
    මේ අතර, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ, ජාතියේ ඉරණම, ජනතාව විසින් තීරණය කරනු ඇති බවයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී ජනතාවගේ පරම බලය මගින් ජාතියට ස්ථාවර හා ධනාත්මක අනාගතයක් නිර්මාණය කරනු ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.

    ජනතාව නිවැරදි තීරණය ගනු ඇති බවට, තමාට විශ්වාස බවයි, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයෙන් කියා සිටින්නේ.

    Latest News