මෙවැනි වැටුප් වැඩිවීමක් සිදුවූයේ වසර හයකට පසුවයි. තම ආයතනය ක්‍රියාත්මක කළ නව මූල්‍ය පරිපාලන ක්‍රියාදාමය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවූ බව, ශ්‍රී ලංකා ගමනා-ගමන මණ්ඩලය පවසයි.
රියදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු සහ ආරක්‍ෂක යන ශ්‍රේණිවල සේවකයන්ගේ මුලික වැටුප ඉහළ නැංවීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. රුපියල් 14"250/= වූ අවම මූලික වැටුප රුපියල් 25"550/= දක්වා වැඩිවන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
විධායක නිලධාරීන්ගේ මුලික වැටුප ද වැඩි කිරීමට නියමිතයි. නව වැටුප් ක්‍රමය එළිදක්වමින් සංකේතාත්මකව 105 දෙනෙකුට වැටුප් ලබාදීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණා. ඒ, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී.