ඒ. ජේ. එම්. මුසම්මිල් - බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර

ජූනි 04, 2019

    ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා  බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේ සිදු කෙරිණ.

    අහමඩ් ජමාලඩීන් මොහොමඩ් මුසම්මිල් මහතා මීට පෙර මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස හා කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස ක්‍රියා කර තිබේ.

    1949 වසරේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ උපන් මුසම්මිල් මහතා කොළඹ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

    1970 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන දිවිය ආරම්භ කළ මුසම්මිල් මහතා පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් විය. මුසම්මිල් මහතා 2004 වසරේ දී බස්නාහිර පළාත් මන්ත්‍රී වරයෙකු වශයෙන් පත් වුනු අතර 2009 වසරේ දී නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්විය.

    2010 වසරේ දී පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පරාජයට පත් විය. 2011 වසරේ දී පැවති පළාත් පාලන ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහනගර සභාවට තරග කර එහි පුරපතිවරයා ලෙස තේරී පත්විය.

    Latest News