රතන හිමි සුව අතට

ජූනි 04, 2019

    පූජ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයට හැරෙමින් පවතින බව මහනුවර රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා පවසයි.

    දින 4ක කාලයක් උපවාසය සිදුකිරීමෙන් ඇතිවූ විජලන තත්වය හැර වෙනත් කිසිඳු රෝගී තත්වයක් උන්වහන්සේට නොමැති බව ඔහු ප්‍රකාශ කරයි. රතන හිමියන් මේ වන විට මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අද පස්වරු වන විට වාට්ටුවක් වෙත යොමුකිරීමට හැකි බව ද අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා කියා සිටියේය.
    රිෂාඩ් බද්යුදීන්, අසාද් සාලි හා හිස්බුල්ලා යන අයට තනතුරුවලින් ඉවත් වන ලෙස බල කරමින් උපවාසයක් පසුගිය සිකුරාදා මහනුවර දළදා මාලිගාවේ උඩමළුවේ දී ආරම්භ කෙරිණ. උන්වහන්සේ කළ ඉල්ලීම් දහවල් වන විට ඉටුවීම හේතුවෙන් දින 4ක් පැවති උපවාසය ඊයේ පස්වරු 2.00ට පමණ අවසන් කෙරිණ. උපවාසය අත්හැරීමෙන් පසු මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා පිටත්කර යැවිණ.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 14:57

    Latest News