ඒ අනුව පිරිවෙන්, බෞද්ධ සිසුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල හා සෙසු සියලු අධ්‍යාපන ආයතනවල පහත සඳහන් පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේනාධිපති වහන්සේලා සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ජුනි මස 12 වැනිදා මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා පාසල් පරිශ්‍රය හා පන්ති කාමර තුළ බෞද්ධ කොඩිවලින් සැරසීමත්, ජූනි මස 13 වැනිදා අසරණයන්ට පිහිටවීම මුල් කරගත් වැඩසටහන් අදාළ පාසල්වල විදුහල්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමත්, ජුනි මස 14 වැනිදා ශීල වැඩසටහන්, ජුනි මස 15 වැනිදා මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා තම නිවෙස්වල සැරසිලි කිරිමත්, ජුනි මස 16 වැනිදා දෙමවුපියන්, වැඩිහිටියන් සමඟ සීල සමාදාන වැඩසටහන්වලට සහභාගිවිම හෝ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඇප උපස්ථාන කිරිම හා සෙසු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම ද ක්‍රියාත්මක කරන ලෙස දැනුවත් කොට තිබේ.