අප්‍රේල් 21 ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපති අතට (වීඩියෝ)

ජූනි 10, 2019

    අපේ‍්‍රල් 21 ක දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනපති වෙත භාර දෙනු ලැබිණ.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේය. පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගනිමින් සිදුවූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට ජනාධිපතිතුමා විසින් අපේ‍්‍රල් 22 වනදා මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළේය.

    අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීණ.

    Last modified on සදුදා, 10 ජූනි 2019 20:17

    Latest News